ඉතාලියේ ඉන්න මේ  අයිබෙක්ස් නම් කදුකර එළු විශේෂය සාමාන්‍ය මිනිසෙකුට වුවද නැගිය නොහැකි ඉතා උස් වූ බිත්ති මත කිසිදු අපහසුතාවයක් නැතිව තම ආහාර සොයා ගමන් කරනවා.අඩි 160 පමණ උස් වූ ජලාශයක බැම්මක් මත පවා ගමන් කරන මෙම එළුවන් මෙවැනිමව වු කදු ගස් ආදියේද තම ආහාර සොයා ගමන් කරන්නෙ නිවුටන්ගේ නියමයන්ටත් අභියෝගයක් කරනිමි.මේ අපූරු එළුවන්ගේ ජායාරූප කිහිපයක් බලන්න.







ඔබගේ මිතුරන්ටත් Share කරන්න.



 

 බ්‍රිතාන්‍ය ජාතික නීල් හාර්බිසන් යනු "Synesthesia" නම් වූ  ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන්නෙකි.මේ නිසා ඔහුට  ලෝකය දැකිය හැක්කේ කළු හා සුදු වර්ණ වලින් පමණකි.1982 ජූලි මස 27 වන දින උපත ලැබූ ඔහු මෙම ස්නායු දුර්වලතාවය නිසා බොහෝ පීඩා විද ඇත.නමුත්  2004 වසරේ දී ඔහුගේ මෙම ගැටලුවට යම් සහනයක් ලබා ගැනීමට "Cyborg"නම් ඉලෙක්ට්‍රෝනික් උපකරණය උපකාරි විය.මෙම උපකරණය ඔහු සිය හිසමත් රදවා තබා ගෙන ඇති අතර එහි ඇති කැමරාව මගින් අවට පරිසරයේ ඇති වර්ණ හදුනා ගෙන එක් එක් වර්ණයන්ට අදාලව ශබ්දයන් නිකුත් කරන අතර එමගින් ඔහු වර්ණ හදුනා ගනී.මෙම Cyborg නම් උපකරණය පැළදූ ලොව පලමු මිනිසා නීල් හාර්බිසන් වන අතර මෙලෙස වර්ණ අන්ධතාවයෙන් පෙලෙන්නන්ට වර්ණයන් දැකීමට නොහැකි වුවත් වර්ණයන් ඇසීමට මෙමගින් හැකියාව ලබාදී ඇත.

ඔහුගේ විස්තර ඇතුලත් වීඩියෝව බලන්න.



ඔහුගේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න.


ඔබගේ මිතුරන්ටත් Share කරන්න.


අපායේ දොරටුව නැමති මේ අපූරු ස්ථානය තිබෙන්නේ තුර්ක්මෙනිස්තාන් වල කාන්තාරයකය.මෙම ස්ථානය අපායේ දොරටුව ලෙස හැදින්වුවද  එය හුදෙක් ගිනි ගන්නා ආවටයකි .

1971 වර්ශයේදී එක්තරා පර්යේශක කණ්ඩායමක් විසින් ස්වභාවික ගෑස් පිළිබදව සොයාබැලීමට මෙම ස්ථානයේ කූඩාරමක් තනාගෙන සිට ඇත.නිමෙශයකින් ඔවුන්ගේ කූඩාරමට යාබද මහා හඩක් නංවමින් පොලව ගිලාබැස මීටර 70 පළල මීටර 20 ගැඹුර විශාල ගිනි අවාටයක් සෑදී ඇත.එදින සිට දැනට වසර 42 ක් තිස්සේ මෙලෙස මෙම ස්ථානය තවමත් ගිනි ගනා අතර මෙය සංචාරක අකර්ශනද  දිනා ඇත.මෙම අපූරු ස්ථානයේ ජායාරූප කිහිපයක් පතින් බලන්න.



 


Share කරන්න.

පිඹුරන්,කිඹුලන් වැනි සතුන් ඇල්ලීමට පමණක් නොව එවනි සතුන් සිටින තැනක සීටීමට පවා අප බියක් දක්වයි.එහෙත් මේ තවමත් අවුරුදු 3 ක් වියැති  දරුවා සෙල්ලම් කරන්නේද  පණ තියෙන කිඹුලන් හා පිඹුරන් සමගය.ඕස්ට්‍රේලියාවේ වෙසෙන මොහුගේ නම චාලි පාකර්ය.විටෙක ඔහු ඔහුගේ හොදම මිතුරා වන  පැබිලෝ නැමති අඩි 8 දිග පිඹුරාව තම බෙල්ල වටේ දමාගෙන සිටින්නේ කිසිදු බියක් නොදක්වමිනි.එමෙන්ම ඔහු ගම්ප් නැමති කිඹුල් පැටවාත් සමගත් සෙල්ලම් කිරීමට මහත් ඇල්මක් දක්වයි.මෙම අපූරු දරුවාගේ ජායාරූප කිහිපක්  පහතින් බලන්න.




 

Share කරන්න.


පෝලන්ත ජාතිකයෙකු වන "Ryszard Tobys" නැමැත්තා විසින් ලොව විශාලතම රිවෝල්වරය නිපදවා තිබේ.මීට පෙර 1859 "රිමෛන්ග්ටන්" නම් සමාගම විසින් මෙවැනි අති දැවන්ත රිවෝල්වරයලක් නිපදවා ඇති අතර එම ලෝක වාර්තාව බිද හෙලීමට මෙම 45kg බරැති මීටර් 1.26 දිගැති රිවෝල්වරයට හැකිව ඇත.මෙම රිවෝල්වරයට උන්ඩ 6ක් ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එම එක උන්ඩයක් 136 g බරය.මෙම දැවැන්ත රිවෝල්වරයේ වීඩියෝව හා ජායාරූප කිහිපයක් පහත දැක්වේ.





Share කරන්න.

Harlem Shake, යනු අන්තර්ජාලය තුල  ඉතාමත් සීග්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින නර්තනයකි.මෙවෙනි නර්තන ඇතුලත් වීඩියෝ ක්ලිප්ස් 40000 කට අදික ප්‍රමාණයක් මේ වනවිට YouTube වෙතට එක්වී තිබෙන අතර එම වීඩියෝ මිලියන 175 කට අධික ප්‍රමාණයක පිරිසක් නරඹා තිබේ .එම වීඩියෝ අතරින් වඩාත්ම ජනප්‍රිය වීඩියෝ කිහිපයක් පහතින් බලන්න .

නාසා Harlem Shake,


වතුර යට Harlem Shake,



අඩි 30000 ඉහල අහසේ Harlem Shake,



නොර්වෙජියානු හමුදාවේ Harlem Shake,



KSLA News Harlem Shake,



දොස්තර Harlem Shake,



ඔබගේ මිතුරන්ටත් Share කරන්න.


පහත ජායාරූපයේ දුටු සැනින් ඔබට හිතෙයි එහි සිටින්නේ සිටින්නේ වෛද්‍යවයෙකුගෙන් බෙහෙත් ගන්නට ආ තරුණියක් කියා , නැත එය වසර 500 යකටත් වඩා කාලයක්  අයිස් තුල ගල් ගැසී 15 හැවිරිදි තරුණියකගේ සිරුරකි.මැය සොයාගෙන තිබෙන්නේ 1999 වසරේ ආජන්ටිනාවේ Llullaillaco නම් ප්‍රදේශයෙන්.වැඩි විස්තර national geographic වෙබ් අඩවියේ ඇත.

 

 

 

එඩ්වඩ් මෝඩේක්  යනු 19 වන සියවසේ විසූ  පුද්ගලයෙකි.ඔහු සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් පුද්ගලයෙකි.සාමාන්‍ය මිනිසුන්ට තිබෙන මුහුණට අමතරව ඔහුගේ හිස පිටුපසින්ද තවත් මුහුණක් පිහිටා තිබීම මෙම අසාමාන්‍යත්වයට හේතුවයි.එම මුහුණට කතා කිරීමේ හැකියාවක් හෝ ආහාර ගැනීමේ හැකියාවක් නොමැති වුවත් එයට සිනහාවීමේ හැකියාව හා ඇඩීමේ හැකියාව පැවතිනි.එඩ්වඩ් හට තම හිසට පිටුපසින් ඇති එම මුහුණ මහත් කරදරයක් විය මන්ද එම මුහුණ රාත්‍රී කාලයේදී ඔහු නිදන විට රැය පහන්වන තුරුම අඩමින් හේ සිනාසෙමින් ඔහුගේ නින්දට බාධා කරන්නට විය.මෙම කරදරයෙන් මිදීමට එඩ්වඩ් ‍‍වෛද්‍යවරුන් කරා ගොස් තම ගැටලුව පවසා මුහුණ ඉවත් කරදෙනමෙන්  ආයාචනා කලද එයට යහපත් ප්‍රතිචාර නොලැබිනි.අවසානයේ වයස අවුරුදු 23 දී එඩ්වඩ් මෝඩේක් සියදිවි හානී කර ගත්තේය.(මෙය සත්‍ය සිද්ධියකි.)

-මෙය ජායාරූපය  Edward Mordake නැමැත්තාගේ අනුරුවකි.-

මෙය ඔහුගේ සැබෑ ජායාරූපයකි.