අයිස් තුල තිබී සොයාගත් වසර 500 ක් පැරණි ඉන්කා තරුණිය.

පහත ජායාරූපයේ දුටු සැනින් ඔබට හිතෙයි එහි සිටින්නේ සිටින්නේ වෛද්‍යවයෙකුගෙන් බෙහෙත් ගන්නට ආ තරුණියක් කියා , නැත එය වසර 500 යකටත් වඩා කාලයක්  අයිස් තුල ගල් ගැසී 15 හැවිරිදි තරුණියකගේ සිරුරකි.මැය සොයාගෙන තිබෙන්නේ 1999 වසරේ ආජන්ටිනාවේ Llullaillaco නම් ප්‍රදේශයෙන්.වැඩි විස්තර national geographic වෙබ් අඩවියේ ඇත.

 

 

 

මුහුණු දෙකේ අරුම පුදුම මිනිසා

එඩ්වඩ් මෝඩේක්  යනු 19 වන සියවසේ විසූ  පුද්ගලයෙකි.ඔහු සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් පුද්ගලයෙකි.සාමාන්‍ය මිනිසුන්ට තිබෙන මුහුණට අමතරව ඔහුගේ හිස පිටුපසින්ද තවත් මුහුණක් පිහිටා තිබීම මෙම අසාමාන්‍යත්වයට හේතුවයි.එම මුහුණට කතා කිරීමේ හැකියාවක් හෝ ආහාර ගැනීමේ හැකියාවක් නොමැති වුවත් එයට සිනහාවීමේ හැකියාව හා ඇඩීමේ හැකියාව පැවතිනි.එඩ්වඩ් හට තම හිසට පිටුපසින් ඇති එම මුහුණ මහත් කරදරයක් විය මන්ද එම මුහුණ රාත්‍රී කාලයේදී ඔහු නිදන විට රැය පහන්වන තුරුම අඩමින් හේ සිනාසෙමින් ඔහුගේ නින්දට බාධා කරන්නට විය.මෙම කරදරයෙන් මිදීමට එඩ්වඩ් ‍‍වෛද්‍යවරුන් කරා ගොස් තම ගැටලුව පවසා මුහුණ ඉවත් කරදෙනමෙන්  ආයාචනා කලද එයට යහපත් ප්‍රතිචාර නොලැබිනි.අවසානයේ වයස අවුරුදු 23 දී එඩ්වඩ් මෝඩේක් සියදිවි හානී කර ගත්තේය.(මෙය සත්‍ය සිද්ධියකි.)

-මෙය ජායාරූපය  Edward Mordake නැමැත්තාගේ අනුරුවකි.-

මෙය ඔහුගේ සැබෑ ජායාරූපයකි.

ෆොටෝශොප් වලට අභියෝගයක් වන පැරණී ජායාරූප ශිල්පය

ෆොටෝශොප් මෘදුකාංගය යොදාගෙන අද ලෝකයේ බොහෝ දෙනා ඉතා අපූරු නිර්මාණ බිහි කරනවා.නමුත් මෙවැනි මෘදුකාංග සොයාගැනීමට බොහෝ කාලයකට  පෙර සිටි ජායාරූප ශිල්පීන් විසින් කළ අපූර්ව වූ නිර්මාණ කිහිපයක් බලන්න.



ජායාරූපකරු-මූරිස් ගිබර්ට්(1892)



 ජායාරූපකරු-ග්‍රීට් ස්ටර්න්(1950)




ජායාරූපකරු-තෝමස් ඩී ඇක්වින්(1880)




ජායාරූපකරු-මූරිස් ටැබර්ට්(1930)