කළු සුදු ලොව තනිවූ නීල් හාර්බිසන්

 

 බ්‍රිතාන්‍ය ජාතික නීල් හාර්බිසන් යනු "Synesthesia" නම් වූ  ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන්නෙකි.මේ නිසා ඔහුට  ලෝකය දැකිය හැක්කේ කළු හා සුදු වර්ණ වලින් පමණකි.1982 ජූලි මස 27 වන දින උපත ලැබූ ඔහු මෙම ස්නායු දුර්වලතාවය නිසා බොහෝ පීඩා විද ඇත.නමුත්  2004 වසරේ දී ඔහුගේ මෙම ගැටලුවට යම් සහනයක් ලබා ගැනීමට "Cyborg"නම් ඉලෙක්ට්‍රෝනික් උපකරණය උපකාරි විය.මෙම උපකරණය ඔහු සිය හිසමත් රදවා තබා ගෙන ඇති අතර එහි ඇති කැමරාව මගින් අවට පරිසරයේ ඇති වර්ණ හදුනා ගෙන එක් එක් වර්ණයන්ට අදාලව ශබ්දයන් නිකුත් කරන අතර එමගින් ඔහු වර්ණ හදුනා ගනී.මෙම Cyborg නම් උපකරණය පැළදූ ලොව පලමු මිනිසා නීල් හාර්බිසන් වන අතර මෙලෙස වර්ණ අන්ධතාවයෙන් පෙලෙන්නන්ට වර්ණයන් දැකීමට නොහැකි වුවත් වර්ණයන් ඇසීමට මෙමගින් හැකියාව ලබාදී ඇත.

ඔහුගේ විස්තර ඇතුලත් වීඩියෝව බලන්න.



ඔහුගේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න.


ඔබගේ මිතුරන්ටත් Share කරන්න.