මුහුණු දෙකේ අරුම පුදුම මිනිසා

එඩ්වඩ් මෝඩේක්  යනු 19 වන සියවසේ විසූ  පුද්ගලයෙකි.ඔහු සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් පුද්ගලයෙකි.සාමාන්‍ය මිනිසුන්ට තිබෙන මුහුණට අමතරව ඔහුගේ හිස පිටුපසින්ද තවත් මුහුණක් පිහිටා තිබීම මෙම අසාමාන්‍යත්වයට හේතුවයි.එම මුහුණට කතා කිරීමේ හැකියාවක් හෝ ආහාර ගැනීමේ හැකියාවක් නොමැති වුවත් එයට සිනහාවීමේ හැකියාව හා ඇඩීමේ හැකියාව පැවතිනි.එඩ්වඩ් හට තම හිසට පිටුපසින් ඇති එම මුහුණ මහත් කරදරයක් විය මන්ද එම මුහුණ රාත්‍රී කාලයේදී ඔහු නිදන විට රැය පහන්වන තුරුම අඩමින් හේ සිනාසෙමින් ඔහුගේ නින්දට බාධා කරන්නට විය.මෙම කරදරයෙන් මිදීමට එඩ්වඩ් ‍‍වෛද්‍යවරුන් කරා ගොස් තම ගැටලුව පවසා මුහුණ ඉවත් කරදෙනමෙන්  ආයාචනා කලද එයට යහපත් ප්‍රතිචාර නොලැබිනි.අවසානයේ වයස අවුරුදු 23 දී එඩ්වඩ් මෝඩේක් සියදිවි හානී කර ගත්තේය.(මෙය සත්‍ය සිද්ධියකි.)

-මෙය ජායාරූපය  Edward Mordake නැමැත්තාගේ අනුරුවකි.-

මෙය ඔහුගේ සැබෑ ජායාරූපයකි.