ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා - 01

කම්මැලිකමේ කල්පනා කර කර ඉන්නකොට අත්හදා බැලීමකටත් එක්කම කියලා ටිකක් වෙනස් මාතෘකාවක ලිපියක් දාන්න හිතුනා වෙබ් පිටුවට.එහෙනම් මම අද කියන්න යන්නේ Eurofighter Typhoon නම් බහුකාර්ය(multi-role) ප්‍රහාරක යානය පිළිබඳවයි.මෙම අද්විතීය යානාව 2012 ප්‍රහාරක යානා ශ්‍රේණිකරනයේ ප්‍රධාන ස්ථාන 2 අතර පසු වේ.මෙම ස්ථානය ගැන නම් විවිධ මත පවතී.එනම් සමහර ශ්‍රේණිකරන වල මෙම යානාව දෙවන ස්ථානයේද,සමහර ශ්‍රේණිකරන වල පළමු ස්ථානයේද පසු වේ.එනිසා මෙය ලොව ප්‍රථම ස්ථානයේ පසු වන යානයද දෙවන ස්ථානයේ පසුවන යානයද යැයි පැවසීම අපහසුය.ජර්මනියේ Eurofighter GmbH  සමාගම විසින් නිශ්පාදනය කරනු ලබන මෙම යානාව යුරෝපීය කලාපයට(Euro Zone) පමණක් බෙදාහැරීම සඳහා නිශ්පාදනය කරනු ලැබේ.වෙනත් විදිහකට පවසතොත් නම් කොතරම් පොහොසත් රටක් වුවද එම රට යුරෝපියානු කලාපයට අයත් නොවේ නම් ,මින් යානයක් හිමිකරගැනීමට හැකියාවක් නොමැත.එසේ වුවද සවුදි අරාබියට මින් යානා කීපයක් ලබා දීමට යුරෝපීය ජාතීන් එකඟ වී ඇත.මෙම යානයේ වැඩි දියුණු (Developing)කටයුතු සහ යොදා ගෙන ඇති තාක්ෂණයන් (Technology) එක් රටකට අයත් නොවේ.යානය නිශ්පාදනය ජර්මනියේ සිදු කලද තාක්ෂණ සහ වැඩි දියුනු කිරීම් යුරෝපයේ ප්‍රබල රටවල් කීපයකටම අයත්ය එනම් මෙම යානය යුරෝපයේ ප්‍රබල රටවල් කීපයකම එකමුතුවෙන් නිශ්පාදනය කරන ලද්දකි.ජර්මනිය,එන්ගලන්තය,ප්‍රංශය,ස්පාඤ්ඤය සහ ඉතාලිය මෙම රටවල් වේ.යානය 2003 වසරේ ලොවට හඳුන්වා දුන්නද මෙහි පලමු පර්යේෂණ ගුවන් ගමන සිදු කරන ලද්දේ 1994 වසරේ දීය.

Eurofighter Typhoon එක් යානයක සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 125 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 20.8 )ක් වේ.
 {{{
ලංකාවේ අප කොයි කවුරුත්හොඳින් දන්නා වූ කෆීර් යානාවක සම්පූර්ණ වටිනාකම වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන4.5(ශ්‍රී ලංකා රුපියල් මිලියන 602.9)කි.එනම් Eurofighter typhoon එක් යානයක වටිනාකම කෆීර් යානා 34 ක පමණ වටිනාකමට සමාන වේ. 
(1000millions=1 billion)}}}

මේ වන විට Eurofighter typhoon  යානා 300ක් නිශ්පාදනය කර ඇති අතර මෙම යානාව රටවල් 6ක ගුවන් හමුදා වල ප්‍රධාන පෙළේ ජවනිකාවක් රඟ දක්වයි.එම ගුවන් හමුදාවන් නම්,




                                     Eurofighter Typhoon යානාව STOL (Short takeoff and landing) තාක්ෂණයට අයත් වන ජෙට් යානයකි.එනම් මෙම යානයට ඉතාම කුඩා ධාවන පථයක වුවද පහසුවෙන් ගුවන්ගත කිරීමට හෝ ගොඩබැස්වීමට හැකිය.එමෙන්ම මෙම යානයට BVR(Beyond Visual Range) හැකියාවද ඇත.සරළව පවසන්නේ නම් මෙයට රේඩාර් පද්ධති වලට හසු නොවී තම ඉලක්කය කරා පහසුවෙන් ලඟා වීමේ හැකියාව ඇත.මෙම කාණ්ඩයට අයත් අනිත් යානා සමග සංසන්දනය කරන විට අනිත් යානා වලට වඩා වැඩි බරක් සහ වැඩි අවි ප්‍රමාණයක් මෙම යානයේ රැගෙන යා හැකිය.එක්සත් රාජධානිය විසින් මින් යානා 250ක් ද,ජර්මනිය 250ක්ද,ඉතාලිය 165ක්ද,ස්පාඤ්ඤය 100 ද බැගින් ඇනවුම් කර ඇත.

                                                      මෙම යානාව අඩි 65000ක උපරිම උසකින් පියාසර කළ හැකි අතර අමතර ඉන්ධන ටැංකි නොමැතිව කි.මී 2900 ක් පියාසර කළ හැකිය.මිනිත්තුවක් ඇතුලත මෙම යානයට අඩි 62000 ක උසකට ළඟා විය හැකිය.කිලෝග්‍රෑම් 23500 ක බරක් රැගෙන ගුවන් ගත කරවීමට හැකි අතර මිසයිල 13ක්වට 150 ක උණ්ඩ රැගත් අධි බල දිගු දුර මැශින් තුවක්කුවක්, බෝම්බ 6ක් සහ අමතර ඉන්ධන ටැංකි 2ක් මෙහි සම්පූර්ණ රැඳවුම් ප්‍රමාණය වේ.ඉතා විශිෂ්ඨ ඝණයේ ආරක්ශක පද්ධතියක්(Counter Measures) ද මෙම යානයට අයත් වේ එනම් දැනට ඇති සුපිරිම තාක්ෂණයේ ගුවන්යානා නාශක මිසයිලයකින්(Anti-aircraft Missile) වුවද ගැලවීමේ හැකියාව මේ යානය සතුයි.බහුකාර්ය(Multi-role) ප්‍රහාරක යානයක් නිස මෙයට ගුවනේ සිට ගුවනට(Air to air),ගුවනේ සිට ගොඩබිමට(Air to ground) හෝ හඹා ගොස් පහර දීම(Interceptor) යන සියලුම ප්‍රහාරයන් දියත් කළ හැකිය.

      21 වන සියවසේ මෙතෙක් බිහිවූ යානා අතරින් සුවිශේෂීම ස්ථානයක් දරන්නා වූ Eurofighter Typhoon  ඉදිරියට දශක කිහිපයක්ම යුරෝපා ජාතීන්ගේ ගුවන් ආධිපත්‍ය පතුරවනු ඇත.




ඔයාලට ටිකක් දරුණුවටම විස්තර දැන ගන්න ඕනි නම් ඔන්න පහලින් මම දෙන ලින්ක් එකෙන් ගිහින් pdf ෆයිල් එක Download කරගන්න. 

 http://www.eurofighter.com/eurofighter-world/publications/technical-guide.html

                           එහෙනම් මම හිතනවා ඔයාලා මම අද දීපු ලිපියෙනුත් අලුතෙන් මොනවා හරි දෙයක් දැන ගන්න ඇති කියලා.ඔයාලගේ ප්‍රතිචාර අනුව තමයි "ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා" කියන ලිපි පෙල ඉදිරියට ගෙනියනවද කියලා තීරණය කරන්නේ.කියවලා ඉවරවෙලා ඔයාලගෙ වටිනා අදහස් කමෙන්ට් විදිහට දාල යන්නත් අමතක කරන්න එපා........

Posted By [NISH]....

                                                  

වදුරු මුහුණක් ඇති ඕකිඩ් මලක්

වදුරු මූහුණක් තියෙන මලක් දැකලා තියෙනවාද? මේ තියෙන්නේ ලෝකේ තියෙන ඉතා දුර්ලභ Monkey Orchid කියන  ඔර්කිඩ් විශේෂය.මේවා අපිට දකින්න පුලුවන් වෙන්න පේරු රටේදි.මේ ඔර්කිඩ් විශේෂය  විද්‍යාත්මක විදියට හදුන්වන්නේ  Dracula simia  කියන නමින්.එම දුර්ලභ වදුරෙකුගේ මුණ ඇති ඔර්කිඩ් මලේ ජායාරූප කිහිපයක් බලන්න.





ඔබගේ මිතුරන්ටත් Share කරන්න.


බල්ලන් වෙනුවෙන්ම නිපදවූ බියර් වර්ගයක්

මිනිස්සු බොහෝ වෙලාවට විනෝදය සදහා පවත්වන සාදවලට බියර් වගේ දේවල් එක් කරගන්න එක සාමාන්‍ය දෙයක්.එත් මේක හැමදාම මෙහෙම මිනිස්සුන්ට විතරක් සීමා වෙන්න දෙන්න බැහැ කියල හිතපු බ්‍රෙව් නම්  සමාගමෙන් බල්ලන්ටත්  දෙන්න පුළුවන් විදිහේ බියර් වර්ගයක් හදුන්වල දීල තියෙනවා .ඔවුන් මේක Cock-a-Doodle-Brew සහ Beefy Brown Ale යන රස වර්ග දෙකකින් වෙලද පොළට හදුන්වල දීල තියෙනවා. දැන් ඔබේ සුරතලත් බල්ලටත්   නිවෙසේ පැවැත්වෙන උත්සවයකදී ඔහුගේ  බලු යාලුවොත් එක්ක එකතු වෙලා කාල හොද බ්‍රෙව් බියර් එකක් බීල විනෝද වෙලා එන්න පුළුවන්.බලු සුරතලුන් කෑදරකමින් බියර් බොන  ජායාරූප කිහිපයක් බලන්න.






තායිලන්තයේ පාවෙන සිනමා ශාලාව.

තායිලන්තයට අයත් දූපත් අතරින් ඇති " Kudu" නම් දූපත  විශේෂත්වයක් ගන්නේ එය එතරම්ම සුන්දර ස්ථානයක් බැවිනි.වෘත්තීය ගෘහ නිර්මාණ කරුවෙකු වන Ole Scheeren හට  පාවෙන සිනමා ශාලාවක් මෙම ස්ථානයේ තැනිය යුතුයි යන අපූරු අදහස එන්නට ඇත්තේ ද මෙම දූපතේ සුන්දරත්වය නිසාය.මෙම සිනමා ශාලාව ඉදිකල ස්ථානය අර්ධ කවයක හැඩයට දූපත අභ්‍යන්තරයට නෙරා ඇති අතර ඒ වට විශාල ස්වාභාවික ගල් කුලුණු පිහිටා ඇත්තේ සිනමා ශාලාවකට ඉතා ඔබින පරිසරයක් බිහි කරමිනි.මෙම අමුතු තාලයේ සිනමා ශාලාවේ ජායාරූප කිහිපයක් බලන්න.









 ඔබගේ මිතුරන්ටත් SHARE කරන්න.



ලොව වේගවත්ම සහ මිල අධිකම මෝටර් රථය ගැන ඔබ නොදත් තතු

 Bugatti Veyron යන නම ඇසූ පමණින්ම ඔබේ මතකයට නැගෙන්නේ පවනට බඳු වේගයෙන් ධාවනය කල හැකි අධි තාක්ෂණික මෝටර් රථයකි.කෙටියෙන් කිවහොත් මෙම මෝටර් රථය මාර්ගයේ ධාවනය කල හැකි විදුලි සැරයකි.Bugatti Veyron,   Grand sport මාදිලිය පැයට කි.මී  408.47 උපරිම වේගයකට ධාවනය කල හැකි අතර Super sport මාදිලිය පැයට කි.මී  431.072 උපරිම වේගයකින් ධාවනය කල හැකිය.ගණන් හිලව් පිළිබඳව කිවහොත්  Grand sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 1,700,000( ශ්‍රී ලංකා රුපියල් මිලියන  226.13) ක් සහ Super sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 2,400,000( ශ්‍රී ලංකා රුපියල් මිලියන 319.24) ලෙස මිල සඳහන් වේ.                                                   

                                                    මෙහි ඇති පුදුම දනවන තොරතුරු


*මෙම මෝටර් රථ වල රේඩියේටර 10ක් ඇති අතර එක් රේඩියේටරයක් නිපදවීමට පැය 15ක් ගතවේ


*
මෝටර් රථයට යොදන එන්ජිම කාර්මිකයන් දෙදෙනෙක් විසින් 100% ක්ම අතින් නිශ්පාදනය කරන(100% Hand made) අතර සෑම එන්ජිමක්ම එකිනෙකට වෙනස් වේ.එනම් එන්ජිම අශ්ව බල 987 සිට 1050 අතර ධාරිථා අතර වෙනස් වේ.


*
මෝටර් රිය උපරිම ජවයෙන් ගමන් කරන විට ඉන්ධන ටැංකිය මිනිත්තු 12කින් අවසන් වේ එමෙන්ම උපරිම වේගයෙන් ධාවනය වන විට එන්ජිම මිනිත්තුවකට අවශෝෂණය කරගන්නා වූ ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙක්ට දින 4 කට ප්‍රමාණවත් වේ.


*
මෙම රථයට යොදන ටයර් 4ක් ඇමෙරිකානු ඩොලර් 25000ක්(ශ්‍රී ලංකා රුපියල් මිලියන 3.33ක් ) ක් වේ.ටයර් මාරු කිරීම කල හැක්කේ ප්‍රංශයේදී පමණි,එවිට වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 70000ක්    (ශ්‍රී ලංකා රුපියල් මිලියන9.32 ක් ) වේ.


*
මෝටර් රථයට යොදා ගෙන තිබෙන ඇණ ටයිටේනියම් ලෝහයෙන් නිපදවා ඇති අතර එක් ඇණයක් ඇමෙරිකානු ඩොලර් 85ක්(ශ්‍රී ලංකා රුපියල් 11 306ක්) වේ.


*
මෙහි ඉන්ධන ටැංකිය පෑස්සීම සඳහා දින 8ක් ගත වේ.


*
මෙම රථයේ එන්ජිමෙන් විනාඩියකට අපතේ යන ශක්තිය ශීත සෘතුවේ නිවාස 10ක් දිනක් උණුසුම් කිරීමට තරම් ප්‍රමාණවත්ය.


*
මෝටර් රියේ තිරිංග පද්ධතියට සෙල්සියස් අංශක 1800 තාපයක් දරා ගැනීමට හැකි අතර පැයට කි.මී  400 සිට නිශ්චලතාවයට පත් වීමට ගත වන්නේ තත්පර 10කට අඩු කාලයක් පමනි,මෝටර් රිය පසු පස ඇති තටුව(Air brake) අංශක 55 කෝණයකට ආනත වූ විට මෝටර් රියේ සම්පූර්ණ තිරිංග වලින් 70% ක්ම ජණනය කෙරෙනුයේ එම තටුව මගිනි.


*
සම්පූර්ණ රථයම කොටස් 3 ක්ට ගැලවිය හැකි අතර එම කොටස් 3 සවි වී ඇත්තේ ඇණ 14 කිනි.


*
මෙහි එන්ජිම නිපදවා ඇත්තේ V8 වර්ගයේ එන්ජින් 2ක් එකට බද්ධ කිරීමෙනි.එන්ජිමේ ටර්බෝචාජර 4ක් (quad turbochargers) ඇති අතර පිස්ටන් 16ක් ඇත,එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් සිලින්ඩර් 16 සඳහා වෑල්ව 64ක් ඇත.

        Bugatti Veyron
මොටර් රථය (අයිතිය,වැඩි දියුනුව) ජර්මනියේ  Volkswagen  සමාගමට අයිති වන අතර නිශ්පාදනය කෙරෙන්නේ ප්‍රංශයේ marque Bugatti සමාගමෙනි.


Bugatti Veyron Grand Sport



මෙම මෝටර් රථයේ වීඩියෝව බලන්න.

Bugatti Veyron Super Sport



මෙම මෝටර් රථයේ වීඩියෝව බලන්න. 

   මම හිතනවා ඔයාල මේ ලිපියෙන් දන්නා දෙයක් ගැන නොදන්නා යමක් ඉගෙන ගත්තා කියලා.මගේ වෙබ් පිටුවට කැමති නම් Like 1ක් දාලා, ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදිහට දාල යන්නත් අමතක කරන්න එපා..එහෙනම් වෙනත් ලිපියකින් නැවත හමු වෙමු.

Posted By [NISH]....