ලොව වේගවත්ම සහ මිල අධිකම මෝටර් රථය ගැන ඔබ නොදත් තතු

 Bugatti Veyron යන නම ඇසූ පමණින්ම ඔබේ මතකයට නැගෙන්නේ පවනට බඳු වේගයෙන් ධාවනය කල හැකි අධි තාක්ෂණික මෝටර් රථයකි.කෙටියෙන් කිවහොත් මෙම මෝටර් රථය මාර්ගයේ ධාවනය කල හැකි විදුලි සැරයකි.Bugatti Veyron,   Grand sport මාදිලිය පැයට කි.මී  408.47 උපරිම වේගයකට ධාවනය කල හැකි අතර Super sport මාදිලිය පැයට කි.මී  431.072 උපරිම වේගයකින් ධාවනය කල හැකිය.ගණන් හිලව් පිළිබඳව කිවහොත්  Grand sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 1,700,000( ශ්‍රී ලංකා රුපියල් මිලියන  226.13) ක් සහ Super sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 2,400,000( ශ්‍රී ලංකා රුපියල් මිලියන 319.24) ලෙස මිල සඳහන් වේ.                                                   

                                                    මෙහි ඇති පුදුම දනවන තොරතුරු


*මෙම මෝටර් රථ වල රේඩියේටර 10ක් ඇති අතර එක් රේඩියේටරයක් නිපදවීමට පැය 15ක් ගතවේ


*
මෝටර් රථයට යොදන එන්ජිම කාර්මිකයන් දෙදෙනෙක් විසින් 100% ක්ම අතින් නිශ්පාදනය කරන(100% Hand made) අතර සෑම එන්ජිමක්ම එකිනෙකට වෙනස් වේ.එනම් එන්ජිම අශ්ව බල 987 සිට 1050 අතර ධාරිථා අතර වෙනස් වේ.


*
මෝටර් රිය උපරිම ජවයෙන් ගමන් කරන විට ඉන්ධන ටැංකිය මිනිත්තු 12කින් අවසන් වේ එමෙන්ම උපරිම වේගයෙන් ධාවනය වන විට එන්ජිම මිනිත්තුවකට අවශෝෂණය කරගන්නා වූ ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙක්ට දින 4 කට ප්‍රමාණවත් වේ.


*
මෙම රථයට යොදන ටයර් 4ක් ඇමෙරිකානු ඩොලර් 25000ක්(ශ්‍රී ලංකා රුපියල් මිලියන 3.33ක් ) ක් වේ.ටයර් මාරු කිරීම කල හැක්කේ ප්‍රංශයේදී පමණි,එවිට වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 70000ක්    (ශ්‍රී ලංකා රුපියල් මිලියන9.32 ක් ) වේ.


*
මෝටර් රථයට යොදා ගෙන තිබෙන ඇණ ටයිටේනියම් ලෝහයෙන් නිපදවා ඇති අතර එක් ඇණයක් ඇමෙරිකානු ඩොලර් 85ක්(ශ්‍රී ලංකා රුපියල් 11 306ක්) වේ.


*
මෙහි ඉන්ධන ටැංකිය පෑස්සීම සඳහා දින 8ක් ගත වේ.


*
මෙම රථයේ එන්ජිමෙන් විනාඩියකට අපතේ යන ශක්තිය ශීත සෘතුවේ නිවාස 10ක් දිනක් උණුසුම් කිරීමට තරම් ප්‍රමාණවත්ය.


*
මෝටර් රියේ තිරිංග පද්ධතියට සෙල්සියස් අංශක 1800 තාපයක් දරා ගැනීමට හැකි අතර පැයට කි.මී  400 සිට නිශ්චලතාවයට පත් වීමට ගත වන්නේ තත්පර 10කට අඩු කාලයක් පමනි,මෝටර් රිය පසු පස ඇති තටුව(Air brake) අංශක 55 කෝණයකට ආනත වූ විට මෝටර් රියේ සම්පූර්ණ තිරිංග වලින් 70% ක්ම ජණනය කෙරෙනුයේ එම තටුව මගිනි.


*
සම්පූර්ණ රථයම කොටස් 3 ක්ට ගැලවිය හැකි අතර එම කොටස් 3 සවි වී ඇත්තේ ඇණ 14 කිනි.


*
මෙහි එන්ජිම නිපදවා ඇත්තේ V8 වර්ගයේ එන්ජින් 2ක් එකට බද්ධ කිරීමෙනි.එන්ජිමේ ටර්බෝචාජර 4ක් (quad turbochargers) ඇති අතර පිස්ටන් 16ක් ඇත,එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් සිලින්ඩර් 16 සඳහා වෑල්ව 64ක් ඇත.

        Bugatti Veyron
මොටර් රථය (අයිතිය,වැඩි දියුනුව) ජර්මනියේ  Volkswagen  සමාගමට අයිති වන අතර නිශ්පාදනය කෙරෙන්නේ ප්‍රංශයේ marque Bugatti සමාගමෙනි.


Bugatti Veyron Grand Sport



මෙම මෝටර් රථයේ වීඩියෝව බලන්න.

Bugatti Veyron Super Sport



මෙම මෝටර් රථයේ වීඩියෝව බලන්න. 

   මම හිතනවා ඔයාල මේ ලිපියෙන් දන්නා දෙයක් ගැන නොදන්නා යමක් ඉගෙන ගත්තා කියලා.මගේ වෙබ් පිටුවට කැමති නම් Like 1ක් දාලා, ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදිහට දාල යන්නත් අමතක කරන්න එපා..එහෙනම් වෙනත් ලිපියකින් නැවත හමු වෙමු.

Posted By [NISH]....