ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා - 01

කම්මැලිකමේ කල්පනා කර කර ඉන්නකොට අත්හදා බැලීමකටත් එක්කම කියලා ටිකක් වෙනස් මාතෘකාවක ලිපියක් දාන්න හිතුනා වෙබ් පිටුවට.එහෙනම් මම අද කියන්න යන්නේ Eurofighter Typhoon නම් බහුකාර්ය(multi-role) ප්‍රහාරක යානය පිළිබඳවයි.මෙම අද්විතීය යානාව 2012 ප්‍රහාරක යානා ශ්‍රේණිකරනයේ ප්‍රධාන ස්ථාන 2 අතර පසු වේ.මෙම ස්ථානය ගැන නම් විවිධ මත පවතී.එනම් සමහර ශ්‍රේණිකරන වල මෙම යානාව දෙවන ස්ථානයේද,සමහර ශ්‍රේණිකරන වල පළමු ස්ථානයේද පසු වේ.එනිසා මෙය ලොව ප්‍රථම ස්ථානයේ පසු වන යානයද දෙවන ස්ථානයේ පසුවන යානයද යැයි පැවසීම අපහසුය.ජර්මනියේ Eurofighter GmbH  සමාගම විසින් නිශ්පාදනය කරනු ලබන මෙම යානාව යුරෝපීය කලාපයට(Euro Zone) පමණක් බෙදාහැරීම සඳහා නිශ්පාදනය කරනු ලැබේ.වෙනත් විදිහකට පවසතොත් නම් කොතරම් පොහොසත් රටක් වුවද එම රට යුරෝපියානු කලාපයට අයත් නොවේ නම් ,මින් යානයක් හිමිකරගැනීමට හැකියාවක් නොමැත.එසේ වුවද සවුදි අරාබියට මින් යානා කීපයක් ලබා දීමට යුරෝපීය ජාතීන් එකඟ වී ඇත.මෙම යානයේ වැඩි දියුණු (Developing)කටයුතු සහ යොදා ගෙන ඇති තාක්ෂණයන් (Technology) එක් රටකට අයත් නොවේ.යානය නිශ්පාදනය ජර්මනියේ සිදු කලද තාක්ෂණ සහ වැඩි දියුනු කිරීම් යුරෝපයේ ප්‍රබල රටවල් කීපයකටම අයත්ය එනම් මෙම යානය යුරෝපයේ ප්‍රබල රටවල් කීපයකම එකමුතුවෙන් නිශ්පාදනය කරන ලද්දකි.ජර්මනිය,එන්ගලන්තය,ප්‍රංශය,ස්පාඤ්ඤය සහ ඉතාලිය මෙම රටවල් වේ.යානය 2003 වසරේ ලොවට හඳුන්වා දුන්නද මෙහි පලමු පර්යේෂණ ගුවන් ගමන සිදු කරන ලද්දේ 1994 වසරේ දීය.

Eurofighter Typhoon එක් යානයක සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 125 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 20.8 )ක් වේ.
 {{{
ලංකාවේ අප කොයි කවුරුත්හොඳින් දන්නා වූ කෆීර් යානාවක සම්පූර්ණ වටිනාකම වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන4.5(ශ්‍රී ලංකා රුපියල් මිලියන 602.9)කි.එනම් Eurofighter typhoon එක් යානයක වටිනාකම කෆීර් යානා 34 ක පමණ වටිනාකමට සමාන වේ. 
(1000millions=1 billion)}}}

මේ වන විට Eurofighter typhoon  යානා 300ක් නිශ්පාදනය කර ඇති අතර මෙම යානාව රටවල් 6ක ගුවන් හමුදා වල ප්‍රධාන පෙළේ ජවනිකාවක් රඟ දක්වයි.එම ගුවන් හමුදාවන් නම්,




                                     Eurofighter Typhoon යානාව STOL (Short takeoff and landing) තාක්ෂණයට අයත් වන ජෙට් යානයකි.එනම් මෙම යානයට ඉතාම කුඩා ධාවන පථයක වුවද පහසුවෙන් ගුවන්ගත කිරීමට හෝ ගොඩබැස්වීමට හැකිය.එමෙන්ම මෙම යානයට BVR(Beyond Visual Range) හැකියාවද ඇත.සරළව පවසන්නේ නම් මෙයට රේඩාර් පද්ධති වලට හසු නොවී තම ඉලක්කය කරා පහසුවෙන් ලඟා වීමේ හැකියාව ඇත.මෙම කාණ්ඩයට අයත් අනිත් යානා සමග සංසන්දනය කරන විට අනිත් යානා වලට වඩා වැඩි බරක් සහ වැඩි අවි ප්‍රමාණයක් මෙම යානයේ රැගෙන යා හැකිය.එක්සත් රාජධානිය විසින් මින් යානා 250ක් ද,ජර්මනිය 250ක්ද,ඉතාලිය 165ක්ද,ස්පාඤ්ඤය 100 ද බැගින් ඇනවුම් කර ඇත.

                                                      මෙම යානාව අඩි 65000ක උපරිම උසකින් පියාසර කළ හැකි අතර අමතර ඉන්ධන ටැංකි නොමැතිව කි.මී 2900 ක් පියාසර කළ හැකිය.මිනිත්තුවක් ඇතුලත මෙම යානයට අඩි 62000 ක උසකට ළඟා විය හැකිය.කිලෝග්‍රෑම් 23500 ක බරක් රැගෙන ගුවන් ගත කරවීමට හැකි අතර මිසයිල 13ක්වට 150 ක උණ්ඩ රැගත් අධි බල දිගු දුර මැශින් තුවක්කුවක්, බෝම්බ 6ක් සහ අමතර ඉන්ධන ටැංකි 2ක් මෙහි සම්පූර්ණ රැඳවුම් ප්‍රමාණය වේ.ඉතා විශිෂ්ඨ ඝණයේ ආරක්ශක පද්ධතියක්(Counter Measures) ද මෙම යානයට අයත් වේ එනම් දැනට ඇති සුපිරිම තාක්ෂණයේ ගුවන්යානා නාශක මිසයිලයකින්(Anti-aircraft Missile) වුවද ගැලවීමේ හැකියාව මේ යානය සතුයි.බහුකාර්ය(Multi-role) ප්‍රහාරක යානයක් නිස මෙයට ගුවනේ සිට ගුවනට(Air to air),ගුවනේ සිට ගොඩබිමට(Air to ground) හෝ හඹා ගොස් පහර දීම(Interceptor) යන සියලුම ප්‍රහාරයන් දියත් කළ හැකිය.

      21 වන සියවසේ මෙතෙක් බිහිවූ යානා අතරින් සුවිශේෂීම ස්ථානයක් දරන්නා වූ Eurofighter Typhoon  ඉදිරියට දශක කිහිපයක්ම යුරෝපා ජාතීන්ගේ ගුවන් ආධිපත්‍ය පතුරවනු ඇත.




ඔයාලට ටිකක් දරුණුවටම විස්තර දැන ගන්න ඕනි නම් ඔන්න පහලින් මම දෙන ලින්ක් එකෙන් ගිහින් pdf ෆයිල් එක Download කරගන්න. 

 http://www.eurofighter.com/eurofighter-world/publications/technical-guide.html

                           එහෙනම් මම හිතනවා ඔයාලා මම අද දීපු ලිපියෙනුත් අලුතෙන් මොනවා හරි දෙයක් දැන ගන්න ඇති කියලා.ඔයාලගේ ප්‍රතිචාර අනුව තමයි "ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා" කියන ලිපි පෙල ඉදිරියට ගෙනියනවද කියලා තීරණය කරන්නේ.කියවලා ඉවරවෙලා ඔයාලගෙ වටිනා අදහස් කමෙන්ට් විදිහට දාල යන්නත් අමතක කරන්න එපා........

Posted By [NISH]....