සින්දු කියන iMusic Chair නම් වූ සංගීත පුටුව

විඩාබර දවසක අවසානයේ නිවසට පැමිණෙන ඔබ බොහෝවිට මුලින්ම කරන්නේ පුටුවක වාඩි වීමයි.නමුත් ඔබට මේ කියන්න යන්නෙ ඒ වගේ නිකම්ම නිකන් පුටුවක් ගැන නෙමෙයි. "අයි මියුසික් චෙයා" නම් වූ මෙම පුටුව නමින් හදුන්වන ආකාරයටම  ඔබගෙ වෙහෙසකාරී බව සංගීතයට සවන්දෙමින් මුලුමනින්ම මකා ගත හැකි ලෙස  නිපදවා ඇත.ඔබට සැප පහසුව හා උපරීම විනෝදයක් ලබා දීමට මෙම අයි මියුසික් චෙයා එකේ 95% ප්‍රමාණයක් හුලං පුරවා නිපදවා ඇති අතර සපයා ඇති 3.5 mm ජැක් එක හරහා  ඔබ කැමති ඕනෑම ගීතයක් රස විදීමට සරවුන්ඩින් සවුන්ඩ් පහසුකමද ලබා දී තිබේ.




වැඩි විස්තර බලාගන්න පහත වීඩියෝව බලන්න.


ඔබගේ මිතුරන්ටත් share කරන්න...