ලෝකයේ සිටින වැඩිය උස නැති ජනප්‍රිය අය.

අජය කුමාර්

ඉන්දියාවේ   ජීවත්   වෙන අජය කුමාර් යනු  දැනට ලෝකයේ සිටින කුඩාම රංගන ශිල්පියා වේ.මොහුගේ උස අඩි 2 යි අගල් 6 ක් වේ. බොහෝදෙනෙක් මොහුව හදුනන්නේ ඔහුගේ රංගන ලෝකයේ නම වන "උන්ඩෙ පාකරු" ලෙසය. අජය 2005 වසරේදී ගයත්‍රී  නම් අඩි 5 යි අගල 1 ක් උස තරුණියක සමග විවාහ විය.

චෙන්  ග්යිලන් සහ ලී ටැන්ගියෝන්ග් 

 

ලෝකේ ඉන්න කුඩාම යුවල වෙන්නේ මෙන්න මේ දෙන්න තමයි. චෙනේගේ උස අඩි 2 යි අගල් 4 ක් වන අතර ලී ටැන්ගියෝන්ග් උස  අඩි 3 යි අගල් 7 කි. චීනයේ ජීවත් වන මේ දෙන්නාගේ යුග දිවිය ඇරඹුනේ 2007 වර්ෂයේ සිටය.


එඩ්වර්ඩ් නිනෝ හර්නාන්ඩෙස්


ගිනස් වාර්තා පොතට අනුව මොහු  2010 සැප්තැම්බර් 4 වෙනිදා දක්වා ලෝකේ මිටම මිනිසා ලෙස ජීවත් විය.එඩ්වර්ඩ්ට වයස 24 දීත් ඔහුගේ උස   මීටර් 0.7 (අඩි 2 යි අගල් 3 කි)  සහ බර  කිලෝ 10 කි.මොහු ජීවත් වූවේ කොලොම්බියාවේ  බෝගොටා යන ප්‍රදේශයේයි.මොහුගේ 2 වන උපන්දින සැමරුම වන විටවත් ඔහු එක අගලකින් වත් වර්ධනය නොවීය.මෙහු 2010 ඔක්තෝබර් 14 වෙනිදින මඑලොවින් සමුගත්තේය.


කගේන්ද්‍ර  තාප මගාර්

1992 ඔක්තෝම්බර් 14 වෙනිදා උපත ලබපු මොහු ලෝකේ මිටීම මිනිසා යන නාමය තිබුන.කගේන්ද්‍ර ගේ උස මීටර් 0.67(අඩි 2 යි අගල් 2) කි. එඩ්වර්ඩ් ගෙන් පසු කගේන්ද්‍ර ලොව කුඩාම මිනිසා බවට පත් විය.නමුත් ඔහුට  ලොව කුඩාම මිනිසා යන නාමය  2011 ජුනි 12 වෙනිදින අහිමි විය.


ජ්‍යොති ඇම්ගේ 

 

ලොව කුඩාම සිටිනා කුඩාම ගැණු ළමයා මැයයි.උස අඩි 1 යි අගල් 11 යුත් ඇගේ බර කිලෝග්‍රෑම් 11 කි.ඇයගේ උස ගැන අඩම්බර වෙන ඇය පවසන්නේ මෙමගින් ඇයට කාගේත් ආදරයත් අකර්ශනයත් දීන ගනිමට අවස්ථාව ලැබී ඇති බවත් අනාගතේදී ඇය ඉන්දීය සිනමාවට රංගන ශිල්පිනියක් ලෙස පිවිසීමට බලපොරොතුවෙන් පසු වන බවතය.




 ජුන්රේ බලවින්ග්


ලෝකයේ දැනට සිටින කුඩාම මිනිසා යන විරුධාවලිය ලබාගෙන ඇති මොහුගේ උස අගල් 23.5 කි.දකුණු ෆිලිපිනයේ ජීවත් වෙන මොහු ගේ ශරීරයේ වැඩිම නැවතුනේ ඔහුට වයස මස 2 දීය.මොහු තවමත් වයස අවුරුදු 18ක තරුණයෙකි.


ඔබගේ මිතුරන්ටත් share කරන්න.